” මම ප්‍රාර්ථනා කරනවා මගේ දරුවා මට කලින් මගේ දරුවා මැරෙන්න ඕන කියලා, කිසිම දෙමව්පියෙකු ප්‍රාර්ථනා නොකරන දෙයක් මේක” මෙරට මාධ්‍ය කේෂ්ත්‍රයේ මාධ්‍යවේදිනියක්, ගීත රචිකාවියක් සහ ග්‍රන්ථ කතුවරියක් වන සාන්දරි රත්නායක Hari TV යුටියුබ් නාලිකාවේ ස්ටෑන්ඩ් විත් ලහිරු වැඩසටහන සමග එක්වෙමින් පවසනවා.
” මගේ පුතාට වයස අවුරුදු 04 වෙද්දී එයාට උණ රෝගය වැළදුනා. පස්සේ එයාව ඉස්පිරිතාලේ එක්කන් ගියා. මාස එකහමාරකට පස්සේ මම එයාව උස්සන් ගෙදර ආවේ. පුතාට අංශභාගය හැදුනා. මම එදා තේරුම් ගත්තා පොඩි අයටත් අංශ භාගය රෝගය වැළදෙනවා කියලා.
මගේ පුතාට වයස අවුරුදු 28ක් උනාට එයාගේ වැඩ කරන්නේ එක අතක් විතරයි.
විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන්ගේ ජිවිත කුඩා කාලයේදීම එයාව අන් අයගෙන් ඈත් කරන්න හොද නැහැ. මම කුඩා කාලයේදී එයාගේ වැඩ තනිව සිදුකරන්න කරන්න පුළුවන් විදිහට එයාව පුහුණු කළා. දැන් එයාගේ වැඩ තනියම කරන්න පුළුවන් මට්ටමකට ඇවිත් තියෙනවා.
මම මගේ දරුවා වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකළා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවා.
යුද්ධයෙන් හානියට පත්වූ පුද්ගලයින් වගේ රටේම විශේෂ අවශ්‍යතා සහිත අය ලක්ෂ 16ක් පමණ සිටිනවා යැයි ඇය සඳහන් කර සිටියා.