කොවිඩ් මර්දන එන්නත දිගටම.ආණ්ඩුවේ කලින් තීරණය වෙනස් වෙයි.

April 2, 2021 at 6:09 PM

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියටත් සිදුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් කියාසිටියේය.

ඒ අනුව වයස අවුරුදු 60ට වැඩි අවධානම් කලාපවල සිටින පුද්ගලයින්ට සහ සෙසු පිරිසට ඉදිරියටත් කොවිඩ් එන්නත ලබාදීම ට නියමිතයි.

මීට පෙර තීරණය කර තිබුණේ පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත් හිටුවීමටයි.