පන්නිපිටියේදී යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ගේ දිවිගමන නිමා කළ රිය අනතුරේ CCTV වීඩියෝව

April 2, 2021 at 3:46 PM

අද අලුයම පන්නිපිටිය – බොරැල්ල මාර්ගයේ පොල්වත්ත හන්දියේදී මෝටර් රථයක යතුරුපැදි දෙකක් ගැටීමෙන් තරුණයින් දෙදෙනෙක් මරුමුවට පත්ව තිබෙනවා.

තලවතුගොඩ සිට පැමිණි මෝටර් රථයක් පොල්වත්ත මාර්ගයට දෙසට හැරවීමට උත්සහ කිරීමේදී පන්නිපිටිය දෙස සිට අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් මෝටර් රථයේ ඉදිරිපස ගැටෙන අතර ඒ සමග පැමිණි තවත් යතුරුපැදියක් මෝටර් රථයේ බඳේ ගැටි තිබෙනවා.

අදාළ අනතුරින් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

කෙසේවෙතත් එක් යතුරුපැදියක් පැදවු පුද්ගලයා මේ වන විට පළාගොස් ඇතැයි වාර්තා වනවා.

මේ අතර ගතවූ පැය 24ක කාලය තුලදී සිදුවූ මාරක රිය අනතුරු වලින් පුද්ගලයින් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.