කොවිඩ් ආසාදනය වූ සචින් රෝහල් ගතකරයි

April 2, 2021 at 1:50 PM

කොවිඩ් වෛරසය ආසාදනය වී සිටින ඉන්දිය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් රෝහල් ගත කර ඇති බව ඉන්දීය වාර්තා කරනවා.

රෝගී තත්ත්වයත් සමග වෛද්‍ය උපදෙස් අනුව ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බවටයි වැඩිදුරටත් ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

නිමා වූ ලෝක ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී ඉන්දිය කණ්ඩායම නායකත්වය ලබා දුන්නේ සචින් තෙන්ඩුල්කාර්ය. මේ වනවිට එම කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ අතර සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරන සචින් තෙන්ඩුල්කාර් පවසන්නේ, ආරක්ෂාකාරී පියවරක් ලෙස තමන් මෙලෙස රෝහල් ගත වීමට තීරණය කළ බවත්, තවත් දින කිහිපයකින් නිවස වෙත යාමට හැකි වෙතැයි විශ්වාස කරන බවයි.