අවිස්සාවේල්ලේ වෙළෙදසැලක සිදුවූ පිපිරීමකින් අයෙකු මරුට : 03 දෙනෙකුට තුවාල

April 2, 2021 at 8:30 PM

අවිස්සාවේල්ල පොලිස් වසමේ මාදොල ප්‍රදේශ පිහිටි පැරණි යකඩ බඩු එකතු කරන ස්ථානයක සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ මෙම පැරණි යකඩ භාණ්ඩ එකතු කිරීමේ වෙළෙද සැලේ සේවකයෙකු යම් ද්‍රව්‍යයක් ගෑස් ලාම්පුවකින් කැපීමට ලක් කරමින් සිටියදී මෙම පිපිරිම සිදුව ඇති බවයි.

සිද්ධිය වූ ස්ථානයට රජයේ රස පරීක්ෂකවරයා කැඳවීමට නියමිත බවත් සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.