වැවක් අසල සැරිසරන වන අලියා නොසලකා හැරියාද ? වනජිවියෙන් පිළිතුරු (PHOTOS)

April 1, 2021 at 12:17 PM

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පීනගම වැව ආශ්‍රිතව ගැවසෙන තුවාල ලැබු වන අලියෙකු පිළිබඳ මෑතකදී සිදුකරන ලද මාධ්‍ය ප්‍රචාරවලදි සඳහන් වුයේ එම සතා වනජීවී නිලධාරින් විසින් නොසලකා හරිනු ලැබ ඇති බවත් ජනතාව ආහාර ලබා දී පෝෂණය කරන බවයි.

එනමුත් සත්‍ය තත්ත්වය එසේ නොවේ. මෙම අලියාගේ පාදයකට වැදුණු වෙඩි පහරක් නිසා අස්ථි බිදීමකට ලක්ව සංචරණය කළ නොහැකිව මෙම වැව ආශ්‍රිතව ජීවත් වේ.

එම අලියා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ගේ හා වනජීවී පශු වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ අධීක්ෂණයට ලක් කරමින් පවතී. ඒ යටතේ එම සතාට නිසි ප්‍රමිතීන් අනුව අඛණ්ඩ ප්‍රතිකාර ලබාදෙන අතර, වනජීවී දෙපාර්තමේන්තුව විසින් ආහාර ලබාදීමද සිදුකරනු ලබයි.

මෙම අලියාට ප්‍රතිකාර ලබාදීම හා ආහාර සැපයීම අඛණ්ඩවම ඉතා ඕනෑකමින් යුතුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරියටත් සිදුකරන බව දැනුම් දෙනු ලැබේ.

May be an image of outdoors

May be an image of elephant and outdoors

May be an image of tree and outdoors

May be an image of animal and outdoors

May be an image of animal and nature

May be an image of outdoors