ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු සංසරණය වැඩිවීමක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු භාවිතා කිරීමට උත්සාහ කළ පුද්ගලයින් සහ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
එළඹෙන උත්සව සමයේදී රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු වැඩිවශයෙන් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට ඉඩකඩ ඇති නිසා මුදල් ගනුදෙනු කිරීමේදී විශේෂයෙන්ම රුපියල් පන්දහසේ නෝට්ටුව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.
මේ අතර ඊයේ දිනයේ කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී වෙළඳසැලකට රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු දෙකක් රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී තවත් රුපියල් 5000යේ ව්‍යාජ නෝට්ටු හතරක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.