ලොතරැයි 05ක් සෑම දිනකම වෙන් කර තබන ලෙස තරුණයෙකු තල්ග්ස්පේ ලොතරැයි අලෙවි නියෝජිතවරිය වන කේ.කේ.විජිත මල්ලිකා මහත්මියට උපදෙස් දී තිබු අතර සවස පැමිණ ඒවා මුදල් දී මිලදී ගන්නා එම ගමේම තරුණයෙකු පසුගිය සතියේ දිනක නොපැමිණියාය.
එනිසා එදින රාත්‍රී යාමයේ මල්ලිකා මහත්මිය ඔහුට වෙන්කර තිබු ලොතරැයි පත් පරික්ෂා කර බැලු බැලුවාය. ඉන් එක ටිකට් පතකට රුපියල් ලක්ෂයක දිනුමක් ඇදී තිබෙන බවට ඇයට වැටුහුණි.
එම තරුණයාට මේ බව දන්වා දුරකථන ඇමතුමක් ලබාදුන් විජිත මල්ලිකා මහත්මිය පැවසුවේ ලොතරැයිවලට රුපියල් 100ක් දී ලක්ෂයේ දිනුම සහිත ලොතරැයි පත ඇතුළු වෙන්කර තිබූ අනෙක් ටිකට් පත් රැගෙන පැමිණ යන ලෙසයි. එමෙන්ම මෙම තරුණයාට හිමි රුපියල් ලක්ෂයේ තෑගී මුදල ද කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මෙහිදී ඇය සකසා දෙනු ලැබුවාය.
එම තරුණයා ලබාගත් මුදලින් රුපියල් පන්දහසක් ඇයට පිරිනැමුවේ බලෙන් මෙනි. ඇය මිනිසත්කමට නියම වටිනාකමක් දෙමින් කළ මෙම ක්‍රියාව වෙනත් කිසිවෙකු කරනු ඇතැයි සිතිය නොහැකිය.
‘මගෙන් ටිකට් ගන්න කෙනෙකුට වාසනාවක් ලැබුනම එය ලබාදීම මගේ යුතුකමක්. ඒක මට අයිති නෑ. මටත් ආර්ථික ප්‍රශ්න තිබෙනවා. ටිකට් පතේ රුපියල් පහේ රුපියල් සීයය මට ඇති’ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මල්කාන්ති මහත්මිය මෙසේ සඳහන් කර සිටියා.
( මව්බිම පුවත්පත)