ආනයනය කරන ලද අශුද්ධ පොල්තෙල් මේ වන විට පරිභෝජනයට නිකුත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
රේගු අධ්‍යක්ෂක ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය සඳහන් කර සිටියේ මෙම අශුද්ධ පොල්තෙල් වෙළෙඳ පොළට නිකුත් වුවාට එය එක්වර ජනතාවට පරිභෝජනය කළ නොහැකි බවයි.
එම පොල්තෙල් පිරිපහදු කිරීමට අවශ්‍ය බැවින් එම පොල්තෙල් පළමුව පිරිපහදු කිරිමේ මධ්‍යස්ථාන වෙත නිකුත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් මේ වන විට පාරිභෝගික අධිකාරිය මගින් රටපුරා පොල්තෙල් සාම්පල් ලබාගෙන ඒවා පරික්ෂා කිරීම් සිදුකරනු ලබන බවයි ඔහු සඳහන් කර සිටියේ.