පාකිස්තාන ජනාධිපතිටත් කොරෝනා

March 30, 2021 at 1:36 PM

පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්විටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරයාට චීන සිනොෆාම් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමෙන් පසුව එලෙස වෛරසය ආසාදනය වී ඇත.

පළමු මාත්‍රාව ලබා ගත්ත ද දෙවන මාත්‍රාව ලබා ගන්නා තුරු කොරෝනා වෛරසයට එරෙහිව තම දේහය තුළ ප්‍රතිදේහ වර්ධනය නොවීම අපේක්ෂා කළ හැකි කරුණක් බව පාකිස්තාන ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

තවත් සතියකින් ජනාධිපතිවරයාට කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට නියමිතව ඇත. මේ අතර, පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය ෆර්වේස් කටාක් ටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පාකිස්තාන ඩෝන් පුවත්පත වාර්තා කර තිබේ.