වරාය නගර හා හම්බන්තොට වරාය ව්‍යාපෘති කඩිනමින් නිමා වනු දැකීම තම අපේක්ෂා ව බව චීන ජනපති ෂී ජිංපිං මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමතමින් කියා සිටී.
දෙදෙනා අතර පැවැති දුරකථන සංවාදයක දී ඔහු මේ බව පවසා ඇත.
ජනාධිපතිවරයා පවසා ඇත්තේ ද අදාළ ව්‍යාපෘති කඩිනමින් සම්පූර්ණ ක්රදෙන ලෙසයි.
චීනය ලංකාවට ලබාදෙන එන්නත් මාත්‍රා ලක්ෂ හය සම්බන්ධයෙන් ජනපති වරයා චීන නායකයාට ස්තුතිය පළකලේය.
ජනාධිපතිවරයා ට චීනයේ සංචාරයකට එක් වන ලෙස කල සිහිපත් කිරීම පිලිගත් ජනාධිපතිවරයා දෙපාර්ශවය ටම පහසු අවස්ථාවක චීනයට පැමිණෙන බව දැන්වීය.
චීන මහජන බැංකුවෙන් ලද ණය මුදල මෙරට මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් උපයෝගී වන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිහිපත්කලේය.