වන අපරාධකරුවෙකුට මට නිර්දේශ දෙන්න බැහැ : දේවානි ජයතිලක රාජ්‍ය අමාත්‍යවරුන් සමග උණුසුම් සංවාදයක් (VIDEO)

March 30, 2021 at 7:45 PM

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් කමිටු රැස්වීම අද ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා. ඒ රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලන්සා ඇතුළු පිරිසක් සහ ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරීන් දේවානි ජයතිලක අතර ඇතිවූ සංවාදයක් හේතුවෙන්.

කළපු ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මෙම සංවාදය ඇතිවුයේ පස් ගොඩ කිරීමක් සම්බන්ධයෙන්. මෙහිදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සඳහන් කර සිටියේ මිගමුව කළපුවේ ඇති රොන් මඩ, අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය වසර දෙකක කාලයක් ප්‍රමාද වී ඇති බවයි.

එහිදී පිළිතුරු දෙමින් ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක සඳහන් කර සිටියේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පස් ඉවත් කිරීමේදී ඒවා කඩොලාන දුපතකට බැහැර කර ඇති බවයි. මේ හේතුවෙන් පරිසර පද්ධතියකට විශාල විනාශයක් සිදුවෙමින් තිබෙන බවයි ඇය මෙහිදී සඳහන් කර සිටියේ.

එහිදී ඇය සඳහන් කර සිටියේ වැරදිකරුවන් එක් පාර්ශවයක සිටියදී තමන් මත පීඩනයක් යොමු කිරීම වැරදි බවයි.

මෙහිදී පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා කියා සිටියේ තම අමාත්‍යාංශය යටතේ පැල ලක්ෂ 05ක් සිටුවීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි. ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව සෑමවීමට පරිසරය ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බවයි ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.