පන්නිපිටියේ පොලිස් පහරදීමට හේතුවූ සිදුවීමේ වීඩියෝව

March 29, 2021 at 9:12 PM

පන්නිපිටිය ප්‍රදේශයේ දී පොලිස් රථ වාහන අංශයේ නිලධාරියෙකු ලොරි රථ රියැදුරෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අද සවස සමාජ මාධ්‍ය තුල සංසරණය වුණා.

මහරගම පොලිසියට අනියුක්ත රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව මෙලෙස පහර කෑමට ලක්වූ ලොරි රථ රියැදුරා විසින් ධාවනය කරන ලද රථය අනතුරට ලක් කිරීම පහර දීමට හේතුව වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මෙම ලොරි රථයේ අදාළ පොලිස් නිලධාරියා ගැටෙන අයුරු ඒ අසල පිහිටි වාහනයක සවිකර තිබු ආරක්‍ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා..