පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරය ශ්‍රී ලාංකීය ජාතියටම එල්ලවූ ප්‍රහාරයක් බවත් එම ප්‍රහාරයට විවිධාකාරයෙන් උදව් උපකාර කරන සහ අනුබල දෙන කිසිවෙකුට නීතියේ රැහැනින් මිදී යාමට කිසිදු ඉඩක් නොමැති බවට ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්විම, සාමය ආරක්ෂා කිරීමේ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් බැඳී සිටින සියලු නිලධාරින්ගේ සහ බලධාරීන්ගේ වගකීම බව කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ අගරදගුරු සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම යුතුකම සහ වගකීම ඉටු නොකිරීම සාපරාධි ක්‍රියාවක් බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ.
එමෙන්ම මුලික කරුණු 04ක් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරන අගරදගුරු සංගමය පාස්කු ප්‍රහාරයට වසර දෙකක් සපිරෙන ලබන අප්‍රේල් 21 වෙනිදාට පෙර ඒවා ක්‍රියාත්මක කිරිමට හෝ අඩු වශයෙන් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය මුල් පියවරත් ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.