මෙරට පළමු කොවිඩ් මරණය වාර්තා වී අදට වසරයි.

March 28, 2021 at 11:24 AM

මෙරට පළමු කොවිඩ් මරණය වාර්තා වූයේ මීට හරියටම වසරකට පෙරයි.

2020/03/28 දින එලෙස මියගියේ 65හැවිරිදි පුද්ගලයෙකි.

ඒ IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීය.

මේ වනවිට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 558 ක් වන අතර ආසාදිත පුද්ගලයින් මියයාමේ ප්‍රතිශතය සියයට එකකට අඩු ය.