ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් 13ක් වෙළෙඳපොළට නිකුත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.
එම තෙල් තොග පරිභෝජනයට නුසුදුසු බැවින් විදේශ රටවලින් ගෙන්වා අලෙවි කරන පොල්තෙල් ආහාරයට නොගන්නා ලෙස ඉතා කාරුණිකව ඔබ වෙත දැනුම් දෙන බවයි ආචාර්ය විජයදාස රාජපක්ෂ සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
එම ෆේස්බුක් සටහන පහතින් ..