පලෙයි රිය අනතුරෙන් පියා සහ පුතුන් දෙදෙනා ජිවිතක්ෂයට

March 27, 2021 at 7:31 AM

ගතවූ පැය 24ක කාලය තුලදී සිදුවූ මාරක රිය අනතුරු වලින් පුද්ගලයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

ඊයේ රාත්‍රියේදී යාපනය A-9 මාර්ගයේ පලෙයි, ඉත්තාවිල් ප්‍රදේශයේ දී ටිපර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් එම මෝටර් රථයේ ගමන් කළ 38 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් පසුව ටිපර් රථයේ රියදුරු පලා ගොස් ඇති අතර ඔහු සොයා පලෙයි පොලිසිය විසින් විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

රටේ මාරක අනතුරු සිදුවීම දිනෙන් දින ඉහළ යන බවත් රිය පදවන පුද්ගලයින් මෙන්ම පදිකයින් ද මාර්ගයේ ගමන් කිරීමේදී ඉතා ප්‍රවේශමෙන් සහ අවධානයෙන් පසුවිය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.