සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොවිඩ් පොකුර පාලනය කලේ මෙහෙමයි (VIDEO)

March 27, 2021 at 9:04 AM

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ආරම්භ වූ කොරෝනා පොකුර මේ වන විට මුළුමනින්ම පාලනය වී ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි පවසනවා. ‘ගුඩුච්චාදී චූර්ණය’ ඇතුළු දේඹශීය ඖෂධ භාවිතයෙන් එම පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කර ගත් බවද ඔහු සදහන් කලේ.

අද වන විට මෙරට කොරෝනා රෝගය අඩුම මරණ අනුපාතයකින් පාලනය වීමට දේශීය ඖෂධ භාවිතය ඉවහල් වූ බව පැවසූරාජ්‍ය අමාත්‍යවරයා කොරෝනා වෛසරය සදහා නිෂ්පාදනය කරන ලද දේශීය ඖෂධ 37ක් මේ වන විට පර්යේෂණයට ලක් කරමින් ඇති බවද කියා සිටියා.

ස්වර්ණවාහිනියේ රතුඉර සංවාදය සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.