සූවස් ඇළ මාර්ගයේ සිරවී ඇති භාඅණ්ඩ ප්‍රවාහන නෞකාව ඉවත් කිරීම සඳහා සිදුකෙරෙන ටග් යාත්‍රා මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.
මෙම ඇළමාර්ගයේ Mv EverGreen නෞකාව සිරවී ඇත්තේ 24වැනිදා සිටයි.
අදාළ සිදුවීම හේතුවෙන් ලොව පුරා නාවික භාණ්ඩ ප්‍රවාහනයට මෙන්ම ඉන්ධන ප්‍රවාහනයටද බලපෑමක් එල්ල වී ඇත.
මෙම ඇළ මාර්ගය 1869 වසරේ සැතපුම් 120ක් දිගින් යුතුව ඉදිකරන ලද්දේ රතු මුහුද හා මධ්‍යධරණි මුහුද යා කරමිනි.
ඉතා පටු මෙම ඇළ මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් නෞකාවන් සඳහා දකුණු අප්‍රිකානු මහාද්වීපය වටා නාවික සැතපුම් 5000ක් ගමන් කිරීමෙන් වැලැකීමට හැකි විය.