පොලේතෙල් වෙනුවට සෝයාතෙල් යොදා ගත හැකි බවත්, දේශී්‍ය සෝයා වගාව ප්‍රචලිත කරමින් අඩු මිලට ශ්‍රී ලංකාව පුරාම සතොස වෙළෙඳසැළ් හරහා අඩු මිලට මේ වන විට සෝයාතෙල් අලෙවි කරනු ලබන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදුකළ විමසීමක දී පිළිතුරු ලබාදෙමින් මේ බව සඳහන් කළ අමාත්‍යවරයා, මහජනතාවට පොල්තෙල් වෙනුවට සෝයාතෙල් භාවිතා කළහැකි බවද කියා සිටියා.
“පොල්තෙල් වෙනුවෙට ආදේශකයක් ලෙස, දේශීය සෝයා වගාව ප්‍රචලිත කරලා, සෝයාවලින් හදපු ඉතාම පිරිසිදු තෙල් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා වෙළෙඳපොළේ පවතින ආනයනය කරන තෙල්වලට වඩා හොඳ සෝයා තෙල් අඩු මිලට ලංකාව පුරාම සතොස වෙළෙඳසැළ්වල මේ දිනවල අලෙවි කරනවා. අඩු මිලට අපේ රටේ සෝයා වවලා අපේ හදන තෙල්වලින් පොල්තෙල්වලට ආදේශකයක් ලෙස් ඒ සෝයාතෙල් අපි ඉදිරිපත් කරලා තියෙනවා වෙළෙඳපොළට“, යැයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.