අන්තවාදී අදහස් පැතිරූ තවත් දෙදෙනෙක් අත් අඩංගුවට

March 26, 2021 at 6:56 AM

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අන්තවාදී අදහස් පැතිරවූ සහ ඊට අරමුදල් එක් රැස්කළ අයෙකු එරටින් පිටුවහල් කර මාතලේ ප්‍රදේශයේ සිටියදී ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ අත් අඩංගුවට ගෙන ඇත.

තවත් අයෙකු මඩකලපුව කාතන්කුඩි ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත්තේ ෆේස්බුක් හරහා පාස්කු ප්‍රහාරය සාධාරණීකරණය කිරීම හේතුවෙනි.

ඔහු පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සහරාන්ගේ සමීපතමයෙකු ලෙසද හඳුනාගෙනඇත.

ඔවුන් දෙදෙනාම  මේවන විට රඳවාෆෙන ප්‍රශ්න කරනු ලබයි.