මිනිත්තු 25කින් මීරිගම සිට කුරුණෑගලට : මාර්ගය විවෘත කරන කාල සීමාව ගැන ප්‍රකාශයක්

March 26, 2021 at 12:16 PM

මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසේ ඉදිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති අතර එම මාර්ගය මැයි මාසය වන විට විවෘත කිරීමට නියමිත බවයි බලධාරින් සඳහන් කළේ.

කුරුණෑගලට ලඟා වීම සඳහා කිලෝමීටර් 39.91 ක් වන අතර එහිදී මීරිගම, නාකගමුව, පොතුහැර සහ දංබොක්ක පසුකරනු ඇත.

මාර්ග සහ අධිවේගී මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. පී. ප්‍රේමසිරි ” The Morning” පුවත්පතට අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ මිනිත්තු 25 කින් කුරුණෑගලට ගමන් කළ හැකි මෙම මාර්ගය නිසා කුරුණෑගල, දඹුල්ල සහ මහනුවර බලා ගමන් කරනු ලබන පුද්ගලයින්ට එය පහසුවක් ඇති කරනු ඇති බවයි.