සුහුරුබස් නැවතුමපලවල් 3000ක් රටපුරා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ පළමු බස් නැවතුම්පල අද දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් රාජගිරිය HSBC බැංකුව අසලින් විවෘත කෙරුණා.
මෙහි සුවිශේෂීත්වය වන්නේ එහි සිටින මගීන්ට රුපියල් ලක්ෂ 10ක රක්ෂණ ආවරණයක්, නොමිලේ වයිෆයි පහසුකම්, ජංගම දුරකථන බැටරි ආරෝපණය කර ගැනීමේ පහසුකම්, එස්.බී.එස් රූපවාහිනී විකාශන, පරිසර හිතකාමී ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය හා පැය 24 පුරා සී.සි.ටී.වී ආරක්ෂාව ඇතුළු තවත් පහසුකම් රැසකින් මෙම සුහුරු බස් නැවතුම්පොල සමන්විත වේ.
මෙම ව්‍යාපෘතිය මහාමාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය හා එක්ව අධිවේගී මාර්ග ප්‍රවාහන පෞද්ගලික සමාගම විසින් මෙයෙවනු ලබයි.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ, අධිවේගී මාර්ග ප්‍රවාහන පෞද්ගලික සමාගමේ සභාපති කැලුම් ජයසුමන එහි සාමාන්‍යාධිකාරී අභීත එදිසිරිසිංහ ඇතුළු පිරිසක් සහභාගී විය.