හබරණ – ත්රීකුණාමලය ප්රධාන මාර්ගයේ හතරැස් කොටුව ප්රදේශයේදී ඉන්ධන ප්රවාහනය කරමින් තිබූ බවුසරයක් මාර්ගයේ ලිස්සා යෑමෙන් අද අලුයම පෙරලි ගොස් තිබෙනවා.
පෙට්රල් ඉන්ධන එහි ප්රවාහනය කරමින් තිබී ඇති අතර බවුසරය පෙරළී යෑමත් සමග අවට ජනතාව පැවැති අවදානමද නොතකා ඉන්ධන එක්රැස් කරමින් සිටි බවයි වාර්තා වන්නේ. අනතුරට ලක් වූ ඉන්ධන බවුසරය අසළ පොලිස් නිලධාරීන් ද සිටින අයුරු දැකගත හැකිවූ බවයි වාර්තා වන්නේ.