12 හැවිරිදි දැරියකගේ මරණයට 6 දෙනෙකු අත්අඩංගුවට

March 24, 2021 at 1:23 PM

කලවංචිකුඩි, පෙරියකල්ලාරු ප්‍රදේශයේ දී 12 හැවිරිදි දැරියකට පහරදී මරාදැමී යැයි කාන්තාවන් තිදෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

පිරිස අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බව පොලීස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සැකකරුවන් වරින්වර මෙම දැරියට පහර දීම නිසා දැරිය තුවාල ලබා ඇති අතර එම තුවාලවලින් විෂබීජ ශරීරගත වීම නිසා මෙම මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වූ බව පොලිසිය පවසන්නේ.

දැරියගේ මව විදේශ රටක රැකියාවක නිරත වන බවත් දැරිය මවගේ සහෝදරියක ගේ භාරයේ සිට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.