සෙරමික් සහ සාරි ආනයනයට අවසර

March 24, 2021 at 9:44 AM

ආනයනය තාවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන සහ බතික් සහ අත් යන්ත්‍ර මගින් වියන ලද ඇඟළුම් හා රෙදිපිළි හැර වෙනත් සාරි වර්ග ආනයනය කිරිමට අවසර ලබාදීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

සෙරමික් නිෂ්පාදන දින 180ක ණය පදනම මත ආනයනය කිරිමට අවසර ලබා දීමටත්, ඉහත සඳහන් වර්ගයේ සාරි වර්ග දින 90ක ණය පදනම මත ආනයනය කිරිමට හැකිවන පරිදි නිකුත් කර ඇති අංක 2214/56 දරන ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.