මරදාන පොලිස් වසමේ ශ්රි සංඝරාජ මාවතේ පිහිටි අවන්හලක අද අලුයම ඇතිවූ ගින්නකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ රථ 05ක් යොදා ගනිමින් සම්පුර්ණයෙන්ම ගින්න මැඩ පවත්වා තිබෙන අතර මුලුතැන්ගෙයි ගෑස් ටැංකියේ පිපිරිමක් හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බවට පොලිසිය සැක පල කර සිටිනවා.
ගින්න හේතුවෙන් මියගොස් ඇත්තේ මුලුතැන්ගෙයි සිටි අවුරුදු 46 ක, බලපිටිය ප්රදේශයේ පදිංචිකරැවෙක් බවයි වාර්තා වන්නේ.