බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 වන සඳුදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම බස්නාහිර පළාතේ පෙර පාසැල් ද ලබන සඳුදා ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි විවෘත කිරීම සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මිට පෙර සඳහන් කළේ.
බස්නාහිර පළාතේ රජයේ පාසැල්වල 05, 11 හා 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඉකුත් 15 වනදා ආරම්භ කෙරුණා. සෙසු ශ්‍රේණි ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 19 වනදායි.