පිළිකා කාරක අඩංගු පොල්තෙල් තොගයක් වෙළෙඳපොලේ – අද දෙරණ වාර්තාකරයි

March 24, 2021 at 10:36 AM

ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් 13ක් වෙළෙඳපොළට නිකුත් වී ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය හෙළිදරව්වක් සිදුකර සිටිය බවට “දෙරණ” වාර්තා කර සිටිනවා.

එම තෙල් තොග පරිභෝජනයට නුසුදුසු බැවින් වහාම ප්‍රතිඅපනයනය කරන්නැයි ආහාර ආරක්ෂණ ඒකකය දැනුම් දී තිබියදීත් මෙලෙස වෙළෙඳපොළට නිකුත් වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටිනවා.

මේ අතර අද පාර්ලිමේන්තුවේදී මෙම පොල්තෙල් සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන්කර සිටියේ මේ දක්වා කිසිදු පැමිණිල්ලක් වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයට හෝ පාරිභෝගික සේවා අධිකාරියට ලැබි නොමැති බවයි.

කෙසේ වුවත් මෙම මාධ්‍ය හමුව පැවැත්වු පුද්ගලයින් මෙම අහිතකර පොල්තෙල් තිබෙන ස්ථානය පිළිබඳ දැනුවත් බැවින් එම තොරතුරු පාරිභෝගික සේවා අධිකාරියට ලබාදිය හැකි බවයි සඳහන් කළේ.