මෝටර් රථවල අංක හතඩුවල පළාත් සංකේතය ඉවත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලලිත් ද අල්විස් පැවසූ බව ලංකාදීප පුවත්පත වාර්තාකර සිටිනවා.
ලේකම්වරයා පැවසුවේ වාහන අංක හතඩු පළාත් සංකේතය ඉවත්කිරීමේ ඉදිරි නීතිමය කටයුතු මේ වන විට ක්‍රියාත්මකව පවතින බවත් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී පළාත් සංකේතය ඉවත්කිරීම ප්‍රසිද්ධ කරන බවයි.
පළාත් සංකේතය ඉවත්කිරීමෙන් පසු වාහනයක හිමිකරුගේ පදිංචි පළාත වෙනස් වීමේදී අංක හතඩුව වෙනස් නොවන බවත් නව අංක තහඩුව සමස්ත ශ්‍රී ලංකාවටම වලංගු බවත් ලේකම්වරයා කීය.
වර්තමාන වාහන අංක තහඩු නීතියට අනුව වාහනයක හිමිකරුගේ පදිංචි පළාත වෙනස් වුවහොත් අංක තහඩුව වෙනස් කළ යුතු අතර ඒ සඳහා රුපියල් 2000 කට වැඩි අමතර මුදල් වාහන හිමිකරු දැරිය යුතුය.