දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. කොට්ටාව හා අතුරුගිරිය අතර ඊයේ රාත්රි 8.30ට පමණ එම ගින්න ඇතිව තිබූණා. ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමේ රථයක් අදාළ ස්ථානයට ළඟාවන විටත් ගින්නෙන් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබු අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. 2021-03-23