2001 දී Retired Hurt නමින් සිය පළමු චරිතාපදානය ප්‍රකාශයට පත් කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම එම ග්‍රන්ථයේ දිගුවක් ප්‍රකාශයට පත් කරන බව පවසයි.
පසුගියදා twitter සමාජ ජාල මාධ්‍ය හා එක්වූ මහානාම ට සුබ පතමින් ඔහුගේ පළමු චරිතාපදාන ග්‍රන්ථයේ ඡායාරූපයක් පළකල අයෙකුට පිලිතුරක් දෙමින් මහානාම මේ බව සඳහන් කර තිබේ.
මීළඟ ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ තමා විශ්‍රාම යාමෙන් පසු යෙදුණු ‘ තරගය ‘ ගැන බව ඔහු සඳහන් කරයි.
2001 වසරේ Retired Hurt ග්‍රන්ථය පළවීමත් සමග එහි මහානාම සිහිපත් කර තිබූ ඇතැම් කරුණු ගැන ඕස්ට්‍රේලියානු මාද්‍ය දැඩි විවේචනයට ද ලක් කර තිබුණි.
ඒ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලේන් මැග්ග්‍රා විසින් ජයසූරිය සම්බන්ධයෙන් කර තිබූ එක් ප්‍රකාශයක් ගැන මහානාම සිය ස්ථාවරය එහි සඳහන් කර තිබූ බැවිනි.