හේතුවක් නොමැතිව රාත්‍රී කාලයේ රැඳී සිටීම සම්බන්ධයෙන් අයාලේ යෑමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ තරුණියන් හතර දෙනෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා රුපියල් 50 බැගින් දඩ මුදලක් නියම කරනු ලැබු බව මව්බිම පුවත්පත වාර්තා කරයි.
කොටුව පොලිසිය මගින් අදාළ තරුණියන් 4 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණු අතර හේතුවක් නොමැතිව රාත්‍රී කාලයේ රැඳී සිටිමින් අයාලේ යෑමේ චෝදනාව යටතේ 1841 පාදඩ ආඥා පනතේ 1947 සහ 1978 වර්ෂවලින් සංශෝධිත පනතේ 03 (Q) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවට සඳහන් කරමින් තරුණියන් හතර දෙනාට එරෙහිව පොලිසිය චෝදනා ගොනුකර තිබුණා.
තරුණියන් හතර දෙනාට එරෙහිව දඬ නියම කිරීම සඳහා සිද්ධියට අදාළ නඩුව පසුගියදා කැඳවූ අතර ඔවුන් සිව්දෙනාට රු.50 බැගින් දඬ නියම කර සිටියා.