මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ හෙදියන් දෙදෙනෙක් ව විකිරණශීලී කාමරයක් තුළ පැයක් පමණ කාලයක් අගුලුදමා රඳවා තැබූ බවට මහරගම පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
එම හෙදියන් දෙදෙනාව විකිරණශීලී කාමරය තුළ පැයක් පමණ කාලයක් එහි සිරකර සිටි බවට සඳහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.
එම පැමිණිල්ල එම රෝහලේම සේවය කරන විකිරණ සේවකයින් දෙදෙනෙක් ට එරෙහිව ඉදිරිපත්කර ඇත.
ඒ සම්බන්ධයෙන් මහරගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මේ වන විට එක් සැකකරුවෙක් ව අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුව අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
අනෙක් සැකකරුව ද හැකි ඉක්මණින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.