රංජන්ගේ ඉල්ලීම අධිකරණයෙන් ඉවත දමයි

March 22, 2021 at 1:00 PM

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර හතරක සිර දඬුවම් නියමවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව ලබා දුන් තීන්දුව යළි සලකා බලන ලෙසට ඉල්ලා මන්ත්‍රීවරයා විසින් සිය නීතිඥවරයෙකු මාර්ගයෙන් ගොනු කළ මෝසමශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අගවිනිසුරුවරයා විසින් එම මෝෂම සලකා බැලීමට විනිසුරු සිසිර ද ආබෲ, විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙත යොමු කර ඇති අතර එම විනිසුරු මඩුල්ල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ජනවාරි මස 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කරනු ලැබුවා.