අද සිට දින තුනක කාලයක් වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
පසුගිය පැය 24ක කාලය තුලදී රිය අනතුර හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙක් පමණ මියගොස් ඇති බවත් දෛනිකව අනතුරු හේතුවෙන් පුද්ගලයින් 9ක් – 10ක් වැනි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බවද ඔහු සඳහන් කර සිටියා.
රිය අනතුරුවලට මුලික හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් හඳුනාගෙන ඇති බව පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අනුව ගෙවී ගිය ටයර සහිතව ධාවනය කරනු ලබන වාහන සොයා අද සිට දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් විශේෂ නියෝගයක් ලබා දී ඇති බව සඳහන් කර සිටියා.
ගෙවී ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රු 3500ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බවත් එවැනි වාහනයකින් යම් අයෙකුට තුවාල සිදුවුවහොත් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.