කොළඹ නගර සභාවෙන් හදිසි දුරකථන ඇමතුම් අංකයක්

March 22, 2021 at 9:22 AM

කොළඹ මහ නගර සභාවෙන් සේවාවන් ලබාගැනීම සඳහා ක්ෂණික දුරකථන ඇමැතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 0112208208 යන අංකය අමතා නිලධාරීන් හමුවීමට දිනයක් හා වේලාවක් වෙන් කරවාගැනීමට හැකි.

මෙම සේවාව ක්‍රියාත්මක වන්නේ රාජකාරි දිනවල උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා පමණක් වන අතර හදිසි සේවාවන් වන ගිනි නිවීමේ සහ ජලසම්පාදන හා ජලාපවහන සේවාවන් පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.