බදුල්ල පස්සර මාරගයේ 13 කණුව ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලි යාමෙන් සිදුවූ අනතුර වූ ස්ථානයට ගොස් එහි අනතුරට පත්වූ පුද්ගලයින්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට යුහුසුළු වූ බදුල්ල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ විසින් සිය මුහුණු පොතේ තබා තිබු සටහනයි මේ..
පාන්දරම වෛද්‍ය සමරබන්දුගෙන් ඇමතුමක්..
මචො බස් එකක් පෙරලිල සැහෙන්න ඩැමෙජ්..
,,,,,,,,,,,,
ඉක්මනින්ම වරෙන් ,,
මාගේ ඇමතුම රෝහලේ අධ්‍යක්ෂක වෙතය.. පස්සර අනතුරක් ඉක්මනින්ම යන්න ඔනී. මා කෙලින්ම හදිසි ප්‍රතිකාර එකකයට ගියෙමි සැනෙන් උපකරන කාර්ය්මන්ඩලය සූදානම්. චින්තක සැනෙන් මා ලගය. සචිත් සියලූම පනිවිඩයන් ලබාදෙමින්.
විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු වෛද්‍ය කාර්ය්මන්ඩල 100ක් පමන සූදානම්ව මාත් චින්තකත් ඇම්බුලන්ස් 5-6 වහාම පස්සර බලා. රියදුරෙන් දැඩි අවදානම් එහෙත් වේගවත් ,ආරක්ෂාකාරි ගමනකය.
පස්සර රෝහල උපරිමයෙන් වැඩ.. අපිත් වැඩ ඇරඹුවෙමු එහෙත ගෙනෙ එන බොහොමයක් මල සිරුරුය.. සහයට තවත් වෛද්‍යවරුන් ,හෙදියන් පිරිසක් පැමිනින..දැන් අනතුර ලගට යායුතුය..අයෙත් රියදුරන් වේගවත් ගමනක..
විනාශයකි..
මීටර් 250-300 පහල ප්‍රපාතයේ යකඩ කැබලි ගොඩකි. පහලට බැසීම විසල් අනතුරකි. මා හෘදයාබාධ 2 ක් වැලදුනු අයෙක්මි. දකුනු දනහිස ආබාධිතය…
එහෙත් යායුතුය ..කිලෝ 25-30 ක් බර බෙහෙත් බැගය රැගෙන බුද්දික පිටුපසින්. 400-500 ක් මිනිස් අත්වැලකි..
අත්මතින් සිරුර ,රෝගීන් ඉහලට. කබයක එල්ලී ,අත්වල සහයෙන් පහලට..ඉහලින් පෙරලුනු ගල කිහිපයක්. නූලෙන් බේරුනමුත් එක් අයෙකුගේ කකුල බිදී ගියේය. බේරාගත හැකි සියලූම දෙනා සුරක්ෂිතව ඉහලට. දැඩි වෙහෙසක් ගෙන අපිත් ඉහලට..
අත්වැලේ තම්බ්,දෙමලු ,සීන්හල්යො එකටය..
වතුර දෙමාලාගෙනි..
බනිස් තම්බියාගෙනි…
තේ එක සින්හල එකාලගෙනි..
සියලූම දෙන එකම අරමුණකය..
ජාතිය,ආගම එතන නැත..
මේ බෙදීම් දේශපාලුවන් ගේමය..
උන්ගේ හෙන්චයියන්ගේ මය
උන්ගේ පැවැත්ම වෙනුවෙන්මය..
කෙසේවෙතත් සැබෑ මිනිසුන් දුටුවෙමි ..
ස්තුතියි නුබලාට …..
ණයගැති නුබලාට ..