ඉන්දිය සාගරයේ පිහිටි ලක්ෂව්දිප් දුපත් ආසන්නයේදී ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය විසින් මත්ද්‍රව්‍ය තොගයක්, ගිනි අවි, ජිව උණ්ඩ සමග ශ්‍රී ලංකාවට අයත් ධිවර යාත්‍රා 03ක් සිය භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් නිල ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම ධිවර යාත්‍රා තුනෙහි තිබී Ak-47 ගිනි අවි 05ක් සහ පතොරම් 1000ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් ද සොයා ගෙන ඇති බවයි.
ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර ඇති පරිදි මෙම ධිවර යාත්‍රා 03 සිටි පුද්ගලයින් 12 දෙනෙකු ද ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සිය භාරයට ගෙන ඇතී බවයි.