අතුරුදහන්වූ දරුවෙකු සොයා පොලිස් විමර්ශන

March 19, 2021 at 6:00 PM

රත්මලාන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසැල් සිසුවෙකුගේ අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම සිසුවා පසුගියදා අවසන් වූ අපොස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට ඇති අතර ඔහු කොළඹ බම්බලපිටියේ පිහිටි ප්‍රසිද්ධ පිරිමි පාසැලක ඉගෙනුම ලබන අයෙකු වනවා.

මෙම සිසුවා ඊයේ දිනයේදී කළු පැහැති හිස ආවරණය කළ හැකි ටීෂර්ටයකින්, කළු කලිසමක් ඇද, ගමන් බෑගය ද සහිතව සෙරෙප්පු දෙක පමණක් දමාගෙන් නිවසින් බැහැරව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සිසුවා සාමාන්‍යයෙන් ගොළුමඩම මංසන්ධියෙන් බස් රථයට ගොඩවන බවයි නිවැසියන් සඳහන් කරන්නේ.

මෙම දරුවාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් දෙමව්පියන් විසින් ගල්කිස්ස පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව පොලිසිය විසින් මාර්ගයේ දෙපස ඇති ආරක්‍ෂිත කැමරා ද උපයෝගී කරගනිමින් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම සිසුවා සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නා අයෙක් වෙතොත් මව වන දීපිකාට 0773-779850 යන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.

අතුරුදහන්වූ සිසුවාගේ ජායාරූපයක් පහතින් දැක්වේ :