තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී බසයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් 09 හැවිරිදි පාසැල් සිසුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
සිද්ධියෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
………………….
තලෙයිමන්නාරමේ දී බසයක් දුම්රියේ ගැටෙයි : තුවාලකරුවන් රෝහලට (PHOTOS)
මන්නාරම, තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.
මෙම අනතුරෙන් තුවාල ලැබූ පිරිසගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත් තුවාලකරුවන් මේ වන විට රෝහල් ගත කරමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.