පසුගිය දා ඩුබායි සංචාරයක නිරත වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු නිරෝධායනය වීම පිලිබඳව බොහෝ දෙනා විමසිලිමත් වූයේ ඔහු විශේෂ පහසුකම් යටතේ නිවසට පැමිණෙනු ඇතැයි සැක පලකරමිනි.
කෙසේ වෙතත් තමා නිවසේ නිරෝධායන පහසුකම ලබා නොගත් බව නාමල් රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් මගින් දක්වා ඇත.
ඒ ඔහු නිවෙස් නිරෝධායනය වන බවට ට්විටර් සමාජ ජාලයේපළකර තිබූ සටහනකට පිළිතුරු ලෙසයි.
එමෙන්ම මේ වනවිට කෙටි රාජ්‍ය සහ වෙළද සංචාර සඳහා විදෙස් ගත වන අයට ආපසු පැමිණීමේදී නිරෝධායන මාර්ගෝපදේශ ලිහිල් කර ඇති බවද ඔහු සිහිපත් කර ඇත.
අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුගිය 10වැනිදා නිකුත්කර ඇති අතර ඒ අනුව කෙටි විදෙස් සංචාර වල රාජ්‍ය සහ වෙළඳ කටයුතු සඳහා නිරත වූවන්ට ලිහිල් නිරෝධායන මාර්ගෝපදේශ හඳුන්වා දී ඇත .