කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, කජීමා වත්තේ ඇතිවූ ගින්නකින් නිවාස රැසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. අද අලුයම 2.40ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය පැවසුවේ.
ගින්නෙන් එම ප්‍රදේශයේ ඉදිකර තිබූ තාවකාලික නිවාස 50කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා.
පොලීසිය සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් විසින් මේ වනවිට ගින්න පාලනය කරඇති අතර ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.