මිනුවන්ගොඩ ප්‍රදේශයේ ස්ථාන ගණනාවක කෘඩියා සෙලනිකා ශාක තිබෙනවා – අමාත්‍යවරයෙකු ගෙන් ප්‍රකාශයක්

March 14, 2021 at 10:12 AM

ගම්පහ දාරළුව ප්‍රදේශයේ ඇති දැඩි කතාබහක් ඇති කළ කෘඩියා සෙලනිකා ශාකය සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඔහු කියා සිටියේ කෘඩියා සෙලනිකා එක් ශාකයක් පමණක් මෙරට ඇති බවට නිලධාරීන් ප්‍රකාශ කිරීම රටේ සංවර්ධනයට සිදු වූ බාධාවක් බවයි. කෘඩියා සෙලනිකා ශාක ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින්ම හමුවන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව ප්‍රකාශ කර සිටියා.

‘පසුගියදා මහත් ආන්දෝලනයට ලක් වූ දාරළුවේ පඬු කරඳ හෙවත් කෲඩියා සෙලනිකා ශාක විශේෂයට අයත් ශාකයක් අද (13) ගම්පහ උද්භිද උද්‍යානයේදී මාගේ නිරීක්ෂණයට ලක් වුනා. ගම්පහ උද්භිද උද්‍යානයේ මෙම පඬු කරඳ ශාකයක්සහ පැල හයක් ඇති බව එහි සහකාර අධ්‍යක්ෂකවරිය මා සමග සඳහන් කලා. ඊට අමතරව පේරාදෙණිය උද්භිද උද්‍යානයේද පඬු කරඳ පැල 20ක් ඇති බවයි ඇය සඳහන් කල සිටියේ. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ස්ථාන ගණනාවන මෙම පඬු කරඳ හෙවත් කෲඩියා සෙලනිකා ශාක විශේෂයේ ගස් දක්නට ලැබෙනවා.

දාරළුව ප්‍රදේශයේ පඬු කරඳ ශාකය ඉවත් නොකර මධ්‍යම අධිවේගී මාර්ගය සැකසීමටනම් ලක්ෂ 86000ක වියදමක් දැරීමට සිදු වන බව පසුගියදා වාර්තා වුනා. මේ වන විට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පඬුකරඳ ශාක සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

සුදුසු පරිසර තත්ත්වයක් තුළ මෙම ශාක රෝපනය කිරීමට අපේක්ෂා කරන බවයි උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ සිටින එම විශයට අදාල නිළධාරීන් සඳහන් කරන්නේ.’

May be an image of outdoors

May be an image of one or more people, people standing and outdoors

May be an image of tree and outdoors

May be an image of tree and nature

May be an image of tree and nature

May be an image of tree, nature and body of water

May be an image of tree, nature and body of water