අසාද් සාලි කුරුඳුවත්ත පොලිසියට

March 14, 2021 at 9:24 AM

ඕනෑම අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට සූදානම් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පස්වරුවේ කුරුඳුවත්ත පොලිස් ස්ථානයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මුස්ලිම් නීතිය කිසිසේත් වෙනස් කළ නොහැකි බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අසාද් සාලි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ඊයේ ප්‍රකාශ කළා.

මේ අතර අසාද් සාලි පසුගියදා සිදුකළ ප්‍රකාශයට එරෙහිව මේ වනවිට විවිධ පාර්ශව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.