අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබු 2021 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය මෙම අගෝස්තු මාසයේදී පෙර සැලසුම් පරිදි නොපවත්වන බවට විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත පැවසුවේ විෂය නිර්දේශයන් ආවරණය කිරීමට නොහැකිවීම හේතුවෙන් අගෝස්තු මාසයේදී විභාග නොපවත්වන බවයි.
ඉදිරි තත්ත්වය සලකා බලා හැකි ඉක්මනින් විභාග පවත්වන දින වකවානු සම්බන්ධයෙන් තීරණය කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කලේ.