රටක ජාතික ධජය එම රට සතු සංකේතයක් වන බවත් එම නිසා ඊට ගරු කිරීම තම නොවෙනස් ප්රතිපත්තිය බවත් මෙරට චීන තානාපති කාර්යාලය පවසයි .
ඒ මෙරට ජාතික ධජය පාපිස්සක් ඇතුළු භාණ්ඩ කීපයක ඇතුළත් කර ඇමසෝන් වෙබ් අඩවියේ අලෙවියට පළකර තිබීමේ සිද්ධිය ගැන නිවේදනයක් නිකුත් කරමිනි.
අදාල සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස චීනයේ බලධාරීන් දැනුවත් කළ බවද එහි සඳහන් ය.
කෙසේ වෙතත් තවත් බොහෝ රටවල ජාතික ධජය ඇතුළත් නිශ්පාදන රැසක් වෙනත් රටවලින් නිපදවා මෙමෙවැනි වෙබ් අඩවි වල පළකර ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.
ඊට නිදසුන් කීපයක්ද මෙරට චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ පළකර තිබේ .