දෙහැවිරිදි දැරිය ජිවිතක්ෂයට පත්වූ අනතුර (VIDEO)

March 13, 2021 at 4:27 PM

බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ දී සිදුවු රිය අනතුරකින් අවුරුදු 2ක් වයසැති දැරියක් ජීවිතක්ෂයට පත්වු අතර, දැරියගේ මව සහ පියා බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

යතුරුපැදිය ලොරි රථයක් පසුකර යෑමේ දී යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී යන අතර, පිටුපසින් පැමිණි ලොරි රථයේ ගැටී අනතුර සිදුව තිබුණා.

අනතුරින් තුවාල කුඩා දැරිය බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමේ දී දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාව ඒ අසල වු CCTV කැමරාවක මෙලෙස සනිටුහන්ව තිබුණා.