කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිවෙස් නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබන සඳුදා වනවිට ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙනු ඇති බවයි.
කොවිඩ් එන්නත එන්නත්කරණයට ලක්ව විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිවෙස් නිරෝධායනයට ලක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා මිට දින කිහිපයකට පෙර යුද හමුදාපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව එම ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව වෙත යොමු කොට ඇති අතර එම තීරණය ලබන සඳුදා දිනයේදී ලැබීමට නියමිත බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
මේ අතර එළඹෙන සිංහල හා දෙමළ අළුත් අවුරුදු සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන අවුරුදු උත්සව පැවැත්වීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට එම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් මූලික අදියරයේ සාකච්ඡා පවත්වා ඇති අතර මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.
( මුලාශ්‍ර : නෙත් නිවුස් වෙබ් අඩවිය)