මන්ත්‍රී අශෝක අබේසිංහ CIDයට පැමිණෙයි

March 11, 2021 at 10:14 AM

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ඔහු ප්‍රකාශ කර තිබු අතර එම ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව ප්‍රකාශයක් ලබාදීමටයි.

පසුගිය දින 02 ක තුලදී ප්‍රකාශයක් ලබාදීමට මන්ත්‍රීවරයා හට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම් දී සිටියත් ඔහු නොපැමිණ තිබුණා.